Nidahasi - Smokio



Verse ; බැඳි යදමින් ඉච්ඡාභංගත්වයෙන් සුසුම්ලමින් වැලලුණු අතීතය මතින් මං දෙගිඩියාවෙන් පා තබා යමි... අහිමි වූවන් නමින් වැටෙයි කඳුළු බිදු ඇස් අගින් ඇති බැඳිම කෙසේ මනිම්ද ඈම තණ්හා ඈම රඟා රතී... නෙත් පෙරුම් පුරයි දකින්න දිව්‍යංගනාවිය යළි වඩින්න වැස්සක් වෙලා හයියෙන් වහින්න ඈත් වෙන්න එපා ඉන්න ලඟින් ම... ආදරෙන් හිස පිරිමදින්න සිමාවන් බිඳ දමා හරින්න බැඳෙමින් මා සමඟින් තදින් ම නවතින්න මා ළඟම ඉන්න... නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින් සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින් ඉන්න දිනේ එනතුරාමයි තාමත් මා දින ගනින්නෙ නිදහසී නිදහසේ මා සිපගනින්//// Verse ; වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම් නුඹ ලැබේ නම්, නුඹ නමින් සිනාසෙන්න ලැබේනම්... ගලාගෙන යන මගේ නහර පුරා මා මිය දෙන තුරා ඈ තැවුනත් අහසින් නෙත තුරා බලන් ඉන්නේ නුඹ එන තුරා... ඈතින් ඒවි ගිනි සිළුවක් වාගෙ ඈ නොවේ මා හිතුවක්කාරි හැඩ කරවමින් නිරුවත් රාත්‍රීන් නිදහසේ කල මැන සංක්‍රාන්ති... නිදි සිළු රාමු සිමාවලින් ප්‍රාකාර කරළු බවට හරවාලමින් දහාලෙ කඳුලු වගුරුවාලමින් තාමත් නිදහසේ සොයමි මායාවි... නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින් සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින් ඉන්න දිනේ එනතුරාමයි තාමත් මා දින ගනින්නෙ නිදහසී නිදහසේ මා සිපගනින්////